කුහුඹු ලෝකයට එබී බලමු

Aricle by: Damindu Dilsara and Design by: Shashika Dissanayake 27 December, 2019

කුහුඹුවා ශරීර ප්‍රමා ණයෙන් ගො ඩක් කුඩා වුනත් ඉතා මත් කඩිසර සතෙක් විදියට අපි හඳුන්වනවා. මේ කුහුඹුවන් කොතරම් කුඩා වුනත් ඉතාමත් අපූරු ජීවන රටා සහ පුදුම එළවන සුළු චර්යා රටා පද්ධතියතුත් ඔවුන්ට තියෙනවා.

මේ නිසාම මේ අපූරු කුහුඹු ලෝකය ගැන විද්‍යාඥයින් විවිධ සියුම් පරීක්ශන කරල තියෙනව වගේම ඒ පරීක්ශන වලින් හෙළිවෙලා තියෙන කරුණු ඉතාමත් පුදුම හිතෙන සුළුයි. අද වනවිට ලෝකයේ විවිධ රටවල් වල ජීවත් වන කුහුඹුවන් වර්ග ගණන 12000 කටත් වඩා වැඩියි කියල හොයාගෙන තිබෙනවා.

මේ කුහුඹු වර්ගවලින් ඇතැමක් බිහිවෙලා තියෙන්නෙ මීට වසර මිලියන ගණනකටත් පෙර කාලයකදි. කුහුඹුවන් බිහිවන්නෙ බිත්තර වලින්. මේ විදියට බිහිවන කුහුඹුවන් ජනපද ලෙසින් ජීවත් වන අතර ජනපදයකට නායිකාව විදියට එක් රැජිනක් හෝ කිහිපදෙනෙක් සිටිනවා. ජනපදයකට එක් රැජිනක් හෝ කිහිපයක් සිටිනවාද කියන එක කුහුඹු වර්ගය අනුව වෙනස් වෙනවා. මේ ජනපදයක සිටින අනෙක් කුහුඹුවන් කුමාරිකාවන්, සේවකයන්, ආරක්ශකයන්, කම්කරුවන් ආදී කොටස් වලට බෙදී සිටින අතර ඒ ඒ කොටස් වල සාමාජිකයක්ට නියමිත වැඩ රාජකාරි වෙන වෙනම සැකසිලා තියෙනවා. මේ එක් එක් කොටස් වල සාමාජිකයන්ට අදාල රාජකාරියට අනුව ඒ ඒ සාමාජිකයන්ගේ ශරීර හැඩගැසිලත් තියෙනවා.

කුහුඹු රැජිනක් සාමාන්‍යයෙන් වසර 2 ක සිට වසර 20ක් දක්වා කාලයක් ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය කම්කරු කුහුඹුවෙක් වසර 1ක සිට වසර 3ක් පමණ ජීවත් වෙන්න පුළුවන්. මේ ආයු කාලය කුහුඹු වර්ගයට අනුව වෙනස් වෙනවා.. කුහුඹු ජනපදයක බිත්තර දැමීමේ හැකියාව තිබෙන්නෙ කුහුඹු රැජිනකට පමණයි. ජනපදයේ කම්කරු හා අනෙක් බහුතර කොටස ගැහැණු කුහුඹුවන්ගෙන් සමන්විත වෙනවා.

ජනපදයක සමස්ථ කුහුඹු ගහනයට සාපේක්ශව පිරිමි කුහුඹුවන් සිටින්නෙ ඉතා කුඩා ප්‍රමාණයක්. මේ පිරිමි කුහුඹුවන් කිසිදු වැඩ රාජකාරියකට අදාල නොවන අතර ඔවුන් අලුත් කුහුඹු රැජිනක් බිහිවීමේදී ප්‍රජනන කාර්‍යයන් සඳහා පමණක් සීමා වෙනවා.

කුහුඹුවන් ඉතාමත් දක්ශ ගෘහ නිර්මාණ ශිල්පීන්. කුහුඹු වර්ගයට අනුව ඔවුන්ගේ නිවාසවල ස්වභාවය වෙනස් වන අතර ඔවුන් සකස් කරන නිවාස වල ගමනාගමන පද්ධති, නිවාස, වගාබිම්, ආහාර ගබඩා, ආරක්ශක පද්ධති ආදිය මනාලෙස වෙන් වෙන්ව සකසනවා. කුහුඹුවන් ආහාර, ජලය ආදිය‍ යහපත් කාලගුණ තත්වයන් සඳහා ගබඩා කර තබනවා.. එක් කුහුඹුවෙක් ගන්නා ආහාර කණ්ඩායමේ සෙසු සාමාජිකයින් අතර බෙදාදීමට හැකියාවක්ද කුහුඹුවන්ට හැකියාවක් තිබෙනවා.. මේ ලෙස ගන්නා ආහාර ප්‍රධාන ලෙස ප්‍රෝටීන ආහාර සහ කාබෝහයිඩ්‍රේට ආහාර ලෙස වෙන්කළ හැකියි.

කුහුඹු සමාජයේ ජනපද අතර ගැටුම්, යුද්ධ පවා පවතිනවා. යම් කුහුඹුවෙකු තුවාල වුවහොත් ප්‍රතිකාර කිරීම් හා මරණයට පත්වූ කුහුඹුවන් සඳහා වෙනම සුසාන භූමි පවා තිබෙනවා.

කුහුඹුවන්ගේ තවත් අපූරු චර්‍යා රටාවක් වන්නේ සතුන් ඇති කිරීමයි. කුඩිත්තන් වැනි සතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඔවුන් ආදාරයෙන් ආහාර එක් රැස් කිරීම, ඇතැම් පණුවන් ආදී සතුන් සමඟ සහයෝගයෙන් ජීවත් වීම වැනි පුදුම චර්‍යා රටා කුහුඹුවන්ගෙන් දකින්න පුළුවන්. කුහුඹුවන් අතර සන්නිවේදනය සිදුවන්නේ ෆෙරමෝන ආදාරයෙන්. මෙම සන්නිවේදනය ඉතා ඉක්මනින් සිදුවන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ආහාර සොයාගැනීමට, මාර්ග සොයාගැනීමට, අනතුරු ඇඟවීමට ආදී සන්නිවේදන මේ අතරින් විශේශයි.

මිනිසුන් බහුතරයක් කුහුඹුවන් කරදරකාරී පලිබෝධකයන් ලෙස දුටුවත්, කුහුඹුවන් පරිසර පද්ධතියට නැතිවම බැරි සතුන් කොට්ඨාසයක්. හොඳින් නිරීක්ශණය කරද්දී කුහුඹුවන්ගේ චර්‍යා රටා මිනිසුන්ගේ චර්‍යා රටාවන්ට කොතරම් සමීපද වගේම කුහුඹුවන් කොතරම් බුද්ධිමත්ද යන වගත් දැකගන්න පුලුවන්. විවිධ කුහුඹු වර්ග වලට ඔවුන්ට ආවේනික අපූරු චර්‍යා රටා පවතින නිසා කුහුඹුවන්ගේ මෙම අපූරු කරුණු කුඩා ලිපියකට සීමා කිරීම ඉතාමත් අපහසු කාරණාවක්. මෙම කරුණු විනෝදාංශයක් ලෙස සොයා බැලුවොත් ඔබටත් දැකගන්න පුලුවන් කොතරම් පුදුම සහගත දේවල් මේ කුඩා කුහුඹු ලෝකයේ සඟවී තිබේද යන වග.